LIVE
මහ නගර සභා, නගර සභා ආඥා පනත් හා ප්‍රාදේශීය සභා පනත යන ප්‍රධාන පනත් තුනෙහි සංශෝධන කටයුතු අවසන් අදියරේ පවතින බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කරයි.
ඒ අනුව යල්පැන ගිය කරුණු සහිත පළාත් පාලනය හා සම්බන්ධ පනත් වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීම ආරම්භ කර ඇති අතර තවත් පනත් 07ක් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති ලැබී ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කරයි.
මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මේ බව සඳහන් කරයි.
