Advertisements

පාසල් දරුවන් 9000ක් අත්අඩංගුවට ගනී

LIVE

මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සහ සන්තකයේ තබා ගැනීම හේතුවෙන් පසුගිය අවුරුදු දෙක තුළ පාසල් දරුවන් 9,000ක් අත්අඩංගුවට ගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

අපි මේ අවුරුදු දෙකේ පාසල් දරුවන් 9,000ක් අත්අඩංගුවට අරන් තියෙනවා. අපි එක දරුවෙක් අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරා. ඒ දරුවා අතේ කඩු තිබිලා. ඒ දරුවා අපිට කිවුවා, පොලීසියේ මහත්තුරුන්ට කිවුවා,

මම විතරක් නෙමෙයි මගේ යාළුවෝ 200ක් විතර මේ වැඩේ කරනවා කිවුවා. එහෙමයි මේ ව්‍යසනය තියෙන්නේ. පාසල් පුරා පැතිරිලා තියෙනවා. ගම් නියම්ගම් කරා මේ රකුසා ව්‍යාප්ත වෙලා තියෙනවා.”

බේරුවල පැවති ජන රැළිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest