LIVE
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායකවරයා විසින් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යම් පනත් කෙටුම්පතක් අභියෝගයට ලක්වුවහොත් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපතිවරයා සහ කතානායකවරයා වෙත නිල වශයෙන් දැනුම් දිය යුතුයි.
කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත බොහෝ දුරට අඟහරුවාදා දින කතානායකවරයාට ලැබුණහොත් බදාදා දින එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කිරීමට නියමිත බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව හෙට (08) දින සිට ලබන (11) වැනිදා දක්වා රැස්වීමට නියමිතය.
මේ අතර 22 සංශෝධනය සම්බන්ධ තීන්දුව ඉක්මනින් ලැබෙන බවත් එම තීන්දුව ලැබුණට පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉක්මනින් සම්මත කරගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
