LIVE
මෙරටට අලුතින් ගෙන්වන ලද මෙට්‍රෝ බස් 104 ලබන (29) වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ධාවනය ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව නව මෙට්‍රෝ බස් 104 කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් බස්නාහිර පළාතේ මාර්ග 7ක ධාවනය සදහා යෙදවීමට නියමිතය.
මගී ජනතාවට ආරක්ෂිත, සුවපහසු සහ විශ්වාසදායක ප්‍රවාහන සේවාවක් ලබාදීම මෙන්ම පෞද්ගලික වාහන භාවිතය සහ කොළඹ නගරයේ රථවාහන තදබදය අඩු කිරීමට දායක වීම මෙම වැඩපිළිවෙළේ අරමුණු වේ.
බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක වන නියමිත වේලාවන්හිදී සියලුම බස් රථවලට ඒවා භාවිත කළ හැකි බව ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ සභාපති එස්.එම්.යූ.පී. තිලකරත්න සඳහන් කරයි.
එම වේලාවන්හිදී වෙනත් වාහන මෙම මංතීරු භාවිත නොකර අදාළ රථවාහන නීති පිළිපදින ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවත් නීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද සඳහන් කරයි.
