එළඹෙන තුන්වැනි (2027) අයවැය ලේඛනයේ දේපල බද්ද ඉවත් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“අපි එනකොට පැවති ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ක එකඟතාවයකට ඇවිල්ලා තිබුණා දේපල බද්දක් ගහන්න. දේපල වලට අතිරේක බද්දක් පනවන්න. ඒක අපිට නියමිතව තිබුණා 2025 වසරේ, ඒ බද්ද පනවන්න අපි බැදිලා හිටියා.
දැන් අපිට ආවේ මොකක්ද.? අපිට ආවේ දේපල පවරාගන්න එනවා කියලා. එතකොට ජාත්‍යන්තර වශයෙන් තිබුණ එකඟතාවය තමයි, දේපල බද්දක් පනවන්න එකඟවෙලා තිබුණා. මතක තියාගන්න.
දැන් අපි මේ තුන්වැනි අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ. තුන්වැනි අයවැය ලේඛනයේ දේපල බද්ද නෑ. දේපල පවරාගන්නවා කියලා ආවේ. හැබැයි අපි අඩුම තරමේ දේපල උපයාගත්තු කෙනෙකුට තර්කයක් අපි ගොඩනගනවා.
දේපල උපයාගත්තේ, එයා බදු ගෙවලා ඉතුරු වන ආදායමෙන් නම් දේපල උපයාගත්තේ, ඒ උපයාගත්ත දේපලට එයා බදු ගෙවලා තියෙනවා කියන තර්කය මත අපි දේපල බද්ද පැනවීම පස්සට දාලා තියෙනවා.
හැබැයි කට්ටිය කීවේ මොකක්ද.? අපි එනවා දේපල ගන්ඩ කියලා. මට මතකයි එක ප්‍රධාන අපේක්ෂකයා ට්විටර් පණිවුඩයක් දැම්මා දේපල පවරාගන්න යනවා NPP ආණ්ඩුවෙන් කියලා. අපි ගැන සැකයක් තිබුණා නම්, අපි සැකය දුරුකරලා තියෙනවා.”
ගම්පහ පැවති මහා රැලියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.
