හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විදේශගත වීම සම්බන්ධයෙන් රජය කිසිදු පළිගැනීමේ ක්‍රියාමාර්ගයක් නොගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
ශිරන්ති රාජපක්ෂට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවක රටින් පිටව යන විට කටුනායක ගුවන් තොටුපළේදීම ඇයව නතර කිරීමට ඕනෑ තරම් ඉඩකඩ තිබූ බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
රජය කිසිවිටෙකත් එවැනි ද්වේෂසහගත හෝ පළිගැනීමේ දේශපාලන ක්‍රියාමාර්ග අනුගමනය නොකරන බවත් සියලු කටයුතු නිසි නීතිමය රාමුවට සහ සාමාන්‍ය ක්‍රමවේදයට අනුකූලව පමණක් සිදුකරන බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
මේ වන විටත් ඇය රැඳී සිටින සිංගප්පූරුවෙන් ඇයව ආපසු ගෙන්වා ගැනීමට හැකියාව පවතින බවත් ඇය සිංගප්පූරු පුරවැසිභාවය හිමි කාන්තාවක් නොවන බැවින් එරටින් අවසර ලබාගැනීමේ බාධාවක් නොමැති බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
රූපවාහිනී නාලිකාවක විකාශය වූ ‘රතු ඉර’ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කරයි.
