LIVE
මෙරට සියලුම සුරාසැල් වසා තැබීම ගැන සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
හෙට (03) දිනට ලෝක අමද්‍යප දිනය යෙදී තිබීම හේතුවෙන් මෙරට සියලුම සුරාසැල් හෙට දිනයේ වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් (03) වැනිදා සමරනු ලබන්නේ අමද්‍යප ව්‍යාපාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මධ්‍යසාර පාන භාවිතයෙන් වැළකී සිටීමේ වැදගත්කම අවධාරණය කිරීමේ අරමුණින් බව සඳහන් වේ.

