යෝෂිතගේ නඩුවට දුන් නියෝගය

LIVE

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබුවේය.

මෙම නඩුකරය කැඳවු අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකාර යෝෂිත රාජපක්ෂ අධිකරණයේ පෙනී සිටියේය.

එම අවස්ථාවේදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් මෙම නඩුව කල් තැබීමට අධිකරණය නියම කළේය.

ඒ අනුව යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

රුපියල් ලක්ෂ 730 කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් දෙහිවල හා රත්මලාන ප්‍රදේශ වලින් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

0 Comments
Most Voted
Newest Oldest