සුරේෂ්⁣ සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10කට නොතීසි

LIVE

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට නොතීසි නිකුත් කර ඇත.

සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට ඔක්තෝබර් (06) වැනිදා අධිකරණයේ පෙනීසිටින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් පසන් අමරසේකර නොතීසි නිකුත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මගින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලිමෙන් අනතුරුව මෙම නොතීසි නිකුත් කර ඇත.

පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සුරේෂ්⁣ සලේ මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

0 Comments
Most Voted
Newest Oldest