LIVE
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදවා මිලදී ගත් රුපියල් මිලියන 44.5ක් වටිනා ඉඩමක් සහ දෙමහල් නිවසක් ඇතුළු දේපළ ක්‍රියාවිරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇත.
රණසිංහ ආරච්චිගේ සමන් කුමාර නොහොත් ‘අඩා’ සහ ඔහුගේ බිරිඳ වන තොටවත්ත බටගේ සංගීතා ප්‍රියදර්ශනී යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව සිදුකළ විමර්ශනයකදී මෙම කරුණු අනාවරණය වී ඇත.
ඒ අනුව, අදාළ දේපළ සම්බන්ධයෙන් අද (02) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි වැඩකරන දින 14ක කාලයක් සඳහා කවර හෝ ගනුදෙනුවක් කිරීම තහනම් කරමින් අත්හිටුවීමට කටයුතු කර ඇත.
සංගීතා ප්‍රියදර්ශනීගේ නමින් පහල කඩුනේරිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 24.80ක ඉඩම රුපියල් ලක්ෂ 95කට මිලදී ගෙන ඇති බවත් පසුව රුපියල් කෝටි 3.5ක පමණ මුදලක් වැයකරමින් එහි දෙමහල් නිවසක් ඉදිකර ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

