ජනාධිපතිගේ නෝනා සහ ජනාධිපතිගේ පුතා කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
එනිසා තරාතිරම නොබලා වංචනිකයන්ට දඬුවම් දීම ජාතික ජන බලවේග ආණ්ඩුව සහතික වශයෙන් කරලා තියෙන බවත් තවත් කරමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
අද (11) දින ඉබ්බාගමුව, ගොකරැල්ල ක්රීඩාංගනයේ පැවති ජන හමුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“අපේ රටේ හිතුවා ප්රදේශීය සභාවේ සභාපති ධුරය කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක්. මන්ත්රී ධුරය කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක්. ඇමති ධුරය කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක්.
ජනාධිපති කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක්. ජනාධිපතිගේ නෝනා කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක්. ජනාධිපතිගේ පුතා කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක්.
එනිසා අපේ රටේ තිබ්බා ලයිසන් ගත්තු හොරු හිටියා, අහිංසක හොරු හිටියා. අපේ රටේ ලයිසන් ගත්තු හොරුන්ට නීතිය ක්රියාත්මක වුණේ නෑ. නීතිය ක්රියාත්මක වුණේ, පොල් ගෙඩියකට මොකක්හරි කරන, අල්ලපු වත්තෙන් කෙසෙල් කනක් කපපු. මතකද.
පොඩි පොඩි හොරුන්ට. එනිසා මේ නීතිය පිළිබඳව තිබුණා, හොරු ගැන තිබුණා සුප්රසිද්ධ කියමනක්. මේ නීතිය යනු මකුලු දැලක් වගේ. ඒ කියන්නේ, පොඩි පොඩි කෘමීන් අහුවෙනවා. ලොකු ලොකු අය ඉරාගෙන යනවා.
සමහර අය හිටියා තමන් ගාවට, හොරකම් කරලා නීතිය ලගාවෙන්න බෑ තමන්ගේ රෂ්මි කදම්බයක් තියෙනවා. ඒ රෂ්මි කදම්බය හමුවේ නීතිය අළු වෙනවා. ලගට එනකොට නීතිය පිච්චෙනවා. ඒ තරම් බලවත්.
ජනතාවට සැකයක් තිබ්බා නම්, තරාතිරම නොබලා වංචනිකයන්ට දඬුවම් දීම පිළිබඳව අපේ ආණ්ඩුව හැදුවනම් අපි ඒක සහතික වශයෙන් කරලා තියෙනවා. කරමින් ඉන්නවා.”

