LIVE
“සිරිලිය සවිය” ගිණුම සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාස විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව ශිරන්ති රාජපක්ෂ මාලිගාකන්ද අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කළේය.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත මාලිගාකන්ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
මෙම අපේක්ෂිත ඇප අයදුම්පත පසුගිය (06) වැනි දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූවේය.
එහිදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට අද (12) දින අධිකරණය හමුවේ පෙනී සිට මේ සම්බන්ධව කරුණු වාර්තා කරන ලෙසට නොතීසි නිකුත් කළේය.

