ජොන්ස්ටන්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පෞද්ගලික ලේකම්වරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කළ වැටලීමකින් ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පෞද්ගලික ලේකම්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු 2011 වසරේ ස.තො.ස ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරමින් ප්‍රවර්ධන වැඩසටහනකට යැයි පවසමින් ව්‍යාජ වවුචර්පත් මගින් ලක්ෂ 19කට අධික මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කර ඇති බව අනාවරණය වී ඇත.

0 Comments
Most Voted
Newest Oldest