හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට නියෝග කළේය.
මෙම සැකකරු සම්බන්ධව ජාත්යන්තර පොලිසිය හරහා ක්රියා කිරීම සදහා රතු නිවේදනයන් ලබාගැනීම සඳහා වරෙන්තුව ඉංග්රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන නියෝග කළේය.
සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව එම නියෝග නිකුත් කළේය.
2014 වසරේ සංචාරක ප්රවර්ධන කාර්යාංශයට යොමු කර තිබූ රුපියල් මිලියන 7.8ක මුදලක් එම කාර්යාංශයේ ප්රවර්ධන කටයුතුවලට වැය නොකර, ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී ෂර්ට් 12,000ක් ලබාදී රජයට පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකය එම සිද්ධිය අධිකරණයට වාර්තා කර තිබුණේය.

