බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලින කිරීමට පත් කළ කමිටුව විසින් සකස් කළ වාර්තාව අද (14) දින ජනාධිපති ලේකම්වරයාට ලබාදෙන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ ලේකම් ප්රින්ස් සේනාධීර සඳහන් කරයි.
බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥා පනතේ සඳහන් රෙගුලාසි හා නිත්ය නියෝග කිහිපයක් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනවලදී පැවැත්විණ.
ඒ අනුව බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලින කිරීමට පත් කළ කමිටුව මේ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබයි.
එහි සෙසු සාමාජිකයින් වන්නේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරීස්, රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දොපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන ඒ.සී. ගජනායකයි.

