පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
පුත්තලම, තිල්ලඩිය ප්රදේශයේදී ඊයේ (18) පස්වරුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු තිල්ලඩිය ප්රදේශයේ සිට පුත්තලම නගරයට කේරළ ගංජා ප්රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව යතුරුපැදිය නවතා පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ කේරළ ගංජා තොගය සොයාගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්රීවරයෙකු වන නකුලේෂ්වරන් නමැති අයෙකු වන අතර ඔහු ශ්රී ලංකා මුස්ලිම් පක්ෂයේ අපේක්ෂකයෙක් ලෙසද කටයුතු කර ඇත.
පොලිස් භාරයට ගත් කේරළ ගංජා තොගය සහ ජාවාරම සඳහා යොදාගත් බව කියන යතුරුපැදිය අද (19) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මත්ද්රව්ය පාලන අංශය සඳහන් කරයි.
