නාමල්ගේ පෞද්ගලික ලේකම්ගේ ආරක්ෂිත සේප්පුව උස්සන් යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයාගේ ගල්කිස්සේ නිවස අල්ලස් කොමිසමේ නිලධාරීන් විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ ගල්කිස්ස පොලිසියේ සහාය ඇතිව එම නිවසට ඇතුළු වී ඇත.

අනතුරුව නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සංජය සමරසිංහගේ නිවසේ පැය 4කට ආසන්න කාලයක් විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර, නිවසේ තිබු ආරක්ෂිත සේප්පුවක් විමර්ශන නිලධාරින් භාරයට ගෙන ඇත.

කෙසේ වෙතත් එම ආරක්ෂිත සේප්පුව විවෘත කිරීමේ මුර අංකය තමා සතුව නොමැති බව නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සංජය සමරසිංහ ප්‍රකාශ කර ඇත.

1 Comment
Most Voted
Newest Oldest