වහාම ඥනසාර හිමි නිදහස් කරන්න.. කස්සප හිමි ජනපතිට අනතුරු අඟවයි

ජනාධිපතිතුමනි, වහාම ගලගොඩඅත්තේ ඥනසාර හිමිව නිදහස් කරන ලෙසත් මෙය නියෝගයක් බව බලංගොඩ කස්සප හිමි පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය දැන් උණත් ගිහිල්ලා අත්පත් කරගන්න පුළුවන් බවත් ඒවා අපිට අමාරු දේවල් නොවන බවද බලංගොඩ කස්සප හිමි පවසයි.

බලංගොඩ කස්සප හිමි මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

“අපි ආණ්ඩු පෙරලන්න ආවේ නෑ. ජනාධිපතිකම උදුරාගන්න ආවේ නෑ. අපිට ඒවා බැරි දේවලුත් නෙමෙයි. සමහරු විවිධාකාරයේ ජනාධිපති ලේකම් කාර්යාලය මගහැරලා ආවට පස්සේ විවිධාකාරයේ කතා කියපු. ඕව අපිට අලුත් දේවල් නෙමෙයි.

ඔය ජනාධිපති ලේකම් කාර්යාල, අගමැති ලේකම් කාර්යාල, මන්දිර, ඕවා අපිට අමාරු දේවල් නෙමෙයි. දැන් උණත් ගිහිල්ලා අත්පත් කරගන්න පුළුවන්. රටම සාංගික කරන්න අපට පුළුවන්.

ඒවගේ තැනකට ගෙනියන්නේ නැතුව මේ ඥනසාර ස්වාමීන්වහන්සේව කරුණාකරලා ජනාධිපතිතුමනි නිදහස් කරන්න. මේක නියෝගයක්. මේක සංඝ ආඥාවක්. ඒ ආඥාව පිළිපදින්නේ නැත්නම් ඔබගේ උස්සලා පොලවේ ගහයි.”

2 Comments
Most Voted
Newest Oldest