හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාරට එරෙහි නඩුව අද (21) කොටුව මහෙස්ත්රාත් අධිකරණයේ කැඳවයි.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ඔක්තෝබර් මස (28) වැනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සුගීෂ්වර බණ්ඩාරගේ නඩුව වෙනත් අධිකරණයට මාරුකර යැවීමේ අවශ්යතාවයක් නොමැති බව අධිකරණ සේවා කොමිෂන් සභාව දන්වා ඇති බව අද (21) දින කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන අදාළ නියෝගය කියවා දෙමින් දන්වා සිටියේය.
බිරිඳගේ ගිණුම සහ තවත් ගිණුම් සම්බන්ධව වාර්තා ලබාදෙන ලෙසට අදාළ බැංකු ප්රධානීන්ට නියෝග කර ඊට අදාළ විමර්ශන කර අධිකරණයට වාර්තා කැඳවන ලෙසත් මහෙස්ත්රාත්වරයා එහිදි නියෝග කර ඇත.
