හිටපු රාජ්ය අමාත්ය ප්රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් ශ්රේෂ්ඨාධිකරණය අද (21) විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා මාර්ගයෙන් අදාළ වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කළ ශ්රේෂ්ඨාධිකරණය, එය කඩිනමින් ක්රියාත්මක කිරීමට අවශ්ය සියලු පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කළේය.
ඒ අනුව අධිකරණය හමුවේ පෙනී නොසිටි ප්රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ අතර අධිකරණය හමුවේ පෙනී සිටි සෙසු විත්තිකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කළේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී ප්රේමලාල් ජයසේකර අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු විදේශගතව සිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නේය.
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කළේය.
2015 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්රීපාල සිරිසේනගේ කහවත්ත ප්රදේශයේ පැවැති ප්රචාරක රැළියකට වෙඩි ප්රහාරයක් එල්ල කර පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ප්රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබුණේය.
එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාග කළ අභියාචනාධිකරණය පසුව ඔවුන් තිදෙනා නිදොස් කොට නිදහස් කළ අතර එම තීන්දුවට එරෙහිව අගතියට පත් පාර්ශ්වය ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක විභාගය පසුගිය සැප්තැම්බර් (04) වැනිදා අවසන් කළ ශ්රේෂ්ඨාධිකරණය, විත්තිකරුවන් තිදෙනාට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබුණේය.
