රටින් පනින්න හැදු ගෝඨාගේ තුරුම්පුව අසාර්ථකයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට යාමට අවසර ඉල්ලා අධිකරණයට ඉදිරිපත් කළ මෝෂන් පත්‍රය ප්‍රතික්ෂේප කර ඇත.

වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අරමුණින් විදෙස්ගත වීම සඳහා එම මෝෂන් පත්‍රය රෙජිස්ට්‍රාර්වරයා වෙත යොමු කර තිබුණු බවත් එම මෝෂන් පත්‍රයේ දිනයක් සඳහන් නොකිරීම හේතු කොටගෙන එම මෝෂන් පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට රෙජිස්ට්‍රාර්වරයා කටයුතු කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ, නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් මෙම මෝෂන් පත්‍රය යොමු කර තිබුණද, එහිදී සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ යම් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඉල්ලීමක් කර තිබූ බවත් ඒ සඳහා විදෙස් ගමන් තහනම ලිහිල් කිරීමටද අදාළ ඉල්ලීමේදී කරුණු තිබූ බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේදී සඳහන් කළේය.

සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී මීට පෙර හෘද සැත්කමක් සිදුකර තිබෙන බවත් ඊට පසු අවස්ථාවේ තිබෙන වෛද්‍ය පරීක්ෂණ වලට යාම සඳහා මෙම ඉල්ලීම සිදුකර තිබූ බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේදී සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මානුෂීයව සලකා බැලිමට සූදානම් බවත් විධිමත් ලෙස මෙම ඉල්ලීම සිදුකරන අවස්ථාවේදී අවශ්‍ය වුවහොත් ඔහුට ප්‍රතිකාර ලබාගැනීම සඳහා මානුෂීයව සලකා බැලීමට සූදානම් බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේය.

1 Comment
Most Voted
Newest Oldest