කළුතර බන්ධනාගාරයේදී අහසට වෙඩි තැබීමක්

අද (21) පස්වරුවේ කළුතර බන්ධනාගාරය තුළදී අහසට වෙඩි තැබීමක් සිදුව ඇත.

බන්ධනාගාරයට පිටතින් සිටි පුද්ගලයෙකු බන්ධනාගාරය තුළට පාර්සල කිහිපයක් විසිකිරීම සඳහා ඒ ආසන්නයට පැමිණ ඇති අතර එම අවස්තාවේදි ආරක්ෂක කුලුනුවල සිටි නිලධාරීන්, එම ස්ථානයෙන් ඉවත්වන ලෙස එම පුද්ගලයාට දැනුම්දීමක් කර ඇත.

කෙසේ වෙතත් එම පුද්ගලයා එම පාර්සල් බන්ධනාගාරය තුළට විසිකිරීමත් සමග නිලධාරීන් අහසට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර එම වෙඩි තැබීමත් සමග එම පුද්ගලයා පලාගොස් ඇත.

අදාළ පුද්ලගයා විසිකළ පාර්සල් දෙකක් බන්ධනාගාරය තුළට පතිත වී ඇති අතර එම පාර්සල තුළ කුඩු හා ගංජා තිබී ඇති බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest