අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (27) දින දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කළේය.
කෙසේ වෙතත්, පවතින අයහපත් කාලගුණයත් සමග අවශ්යතාව පරිදි පාසල් වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා ඇත.
කලාප අධ්යාපන අධ්යක්ෂවරුන්ගේ අනුමැතියට යටත්ව විදුහල්පතිවරුන්ට ඒ පිළිබඳව තීරණය කළ හැකි බව අධ්යාපන නියෝජ්ය අමාත්ය වෛද්ය මධුර සෙනවිරත්න සඳහන් කරයි.
