මේ වනවිට රජය මගින් තෙල් මිලක් ඉදිරිපත් කළහොත් වැඩිවන මිල රජයට දරාගැනීමට සිදුවනු ඇති බව අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
මැදපෙරදිග ඉන්ධන මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යමින් පවතින අවස්ථාවක ලංකා IOC සමාගම සහ සයිනොපැක් සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවද අමාත්යවරයා සඳහන් කරයි.
මේ වනවිට එම සමාගම් ඉන්ධන බෙදා හැරීම සීමා කර ඇති නමුත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවතින තත්ත්වය හමුවේ හැකි උපරිම ආකාරයෙන් ඉන්ධන බෙදා හැරීම් සිදුකරගෙන යන බවද අමාත්යවරයා සඳහන් කරයි.
අමාත්ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,
“ඒක තමයි අපේ තෙල් වෙළෙඳපොළ බෙදිලා තියෙන ආකාරය. ඒක අවුරුද්දකින් දෙකකින් වුණ දෙයක් නෙමෙයි. අවුරුදු 20කට වැඩි කාලයක් තිස්සේ තෙල් වෙළෙඳපොළ මේ විදිහට තමයි බෙදිලා තිබුණේ.
පහුගිය රජයන්වල ලොකු කතා කියලා ඩොලර් ආරක්ෂා කරගන්න කියලා තෙල් වෙළෙඳපොළේ තවත් කොටස් ලබා දුන්නා සමාගම්වලට. එතකොට දැන් රජය මගින් තෙල් මිලක් ඉදිරිපත් කළොත් ඒ වැඩිවෙන මිල රජය මගින් දරාගන්න සිද්ධ වෙනවා.
අපේ භාණ්ඩාගාරයෙන් තවත් කොටසක් දෙන්න සිද්ධ වෙනවා අපි විසින් මිල නියම කළොත්. ඒ නිසා මේ වෙළෙඳපොළේ පවතින තත්ත්වයක් තියෙනවා ඒකට තමයි දැන් අපි කටයුතු කරගෙන යන්නේ තෙල් සංස්ථාවේ වැඩිපුර පිරවුම්හල් ප්රමාණයක් ඇති කරන්නට.
තෙල් සංස්ථාව හරහා යම් සහනයක් ලබා දීලා අපිට ජනතාවට තෙල් සැපයීමේ හැකියාව තිබෙනවා ඒක තමයි දැන් අපි කරමින් යන්නේ වෙළෙඳපොළ කඩාවැටෙන්න නොදී. නමුත් තෙල් සමාගම්වලට මේ වෙළෙඳපොළ බෙදිලා තියෙන ආකාරය අනුව තමයි මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙන්නේ.
අපි සමහර තැන් ප්රමාණයක් හඳුනගෙන තිබෙනවා තෙල් සංස්ථාවට පිරවුම්හල් නැති ඒ තැන්වලට ශෙඩ් දාන එක තමයි දැන් අපේ ඉලක්කය වෙලා තියෙන්නේ. තෙල් සංස්ථාව තෙල් බෙදීම පුළුවන් උපරිම ආකාරයෙන් කරනවා මේ තියෙන සහනාධාරයත් සහිතව. ඒක තමයි දැන් අපිට කරන්න පුළුවන් තත්ත්වය.”
අද (27) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවට එක්වෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කරයි.
