පාරිභෝගික ජනතාවට බාධාවකින් තොරව සහ නියමිත මිලට ලිට්රෝ ගෑස් ලබාදීම තහවුරු කිරීමේ අරමුණින් දැනුම්දීමක් කර ඇත.
ඒ අනුව ගෑස් සඟවා තබා ගැනීම, අලෙවිය සීමා කිරීම, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා යාම හෝ අනුමත නොකළ අමතර ගාස්තු අය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස සියලුම ලිට්රෝ අලෙවි නියෝජිතයන්ට දැනුම් දී ඇත.
මෙම උපදෙස් සහ නියෝග නොසලකා හරින හෝ උල්ලංඝනය කරන අලෙවි නියෝජිතයන්ට එරෙහිව දැඩි විනය ක්රියාමාර්ග ගන්නා බවත් අවශ්ය වුවහොත් ඔවුන්ගේ අලෙවි නියෝජිත භාවය (Agency) පවා සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කටයුතු කරන බවද සඳහන් කරයි.
