24 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර සිරුර පුළුස්සා දමා එම අස්ථි කොටස් කැලණි ගඟට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
2025.10.25 වැනිදා සේදවත්ත ප්‍රදේශයේදී තරුණයින් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවු ආරවුලක් හේතුවෙන් එක් තරුණයෙකු ඝාතනය කර ඇත.
පසුව එම ඝාතකයින් අදාළ තරුණයාගේ සිරුර කිරිදිවැල ජල කර්මාන්ත ශාලාවක් අසල කැලයට ගෙන ගොස් පුළුස්සා දමා, එම සිරුරු කොටස් රැගෙන ගොස් කොස්ගම ඇස්වත්ත පාලම මතින් කැළණි ගඟට දමා ඇත.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ අදාළ තරුණයා නිවසට නොපැමිණීම සම්බන්ධව පවුලේ ඥතීන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
මෙම තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මූලික විමර්ශන ආරම්භ කර තිබූ අතර වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකර ඇත.
අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තොරතුරු ඔස්සේ හබායමින් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් සිදුකළ පාපොච්චාරණය අනුව ඝාතනය පිළිබඳව සියලු තොරතුරු අනාවරණය වී ඇත.
ඒ අනුව 2026 ඔක්තෝබර් (30) වැනිදා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව 2026 නොවැම්බර් (01) දින අවිස්සාවේල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා, වතුපිටිවල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා, නාවික හමුදාවේ සහාය ඇතිව මළ සිරුරු කොටස් සොයා විශේෂ මෙහෙයුමක් දියත් කළේය.
අනතුරුව එම තරුණයාගේ පිළිස්සුනු අස්ථි කොටස් කිහිපයක් සොයගත් අතර ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
