හිරුණිකාගේ නඩුවට මොකද වෙන්නේ.?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලට අදාළ නඩුව අද (02) දින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා ඉදිරියේ කැඳවනු ලැබීය.

නඩුව කැඳවු අවස්තාවේදි කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.

ඒ අනුව මෙම නඩුකරය නැවත ජනවාරි මස (25) වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදින නීතිපති උපදෙස් සම්බන්ධ කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසත් නියම කළේය.

මෑතකදී ජාත්‍යන්තර කාන්තා දිනය දා කුරුදුවත්ත පොලිස් වසම තුළ මංමාවත් අවහිර කරමින් වීදි නාට්‍ය පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් පිරිසකට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

1 Comment
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel