මත්ද්‍රව්‍ය ජාවාරම් කතුන්ගේ ආරක්ෂක පෙම්වතා.. අකුරැස්ස OIC සේවයෙන් පහ කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි අකුරැස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සේවයෙන් පහකිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කාන්තාවන් කිහිපදෙනෙකු ඇසුරු කිරීම ඇතුළු විෂමාචාර චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට ලබාදුන් චෝදනා පත්‍රයට අදාළ විමර්ශනයේදී සියලු චෝදනා වලට ඔහු වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

පසුගිය අප්‍රේල් මාසයේ සිංහල අවුරුදු දවසේ අකුරැස්සේ පැවති අවුරුදු සාදයකට සහභාගී වූ පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 5ක මුදලක් කොල්ලකෑ බවටද ඔහුට චෝදනා එල්ල වී ඇත.

1 Comment
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel