ජනතාවට ඩීසල් සහනාධාරය ලබාදීම ඇතුළු සහන සැලසීම සඳහා රුපියල් බිලියන 47ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (04) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ඉන් රුපියල් බිලියන 41ක් ඩීසල් සඳහා රජය ලබා දෙන සහනාධාරය සඳහා වෙන් කරන අතර එමගින් ඔක්තොම්බර් සිට දෙසැම්බර් දක්වා මාසිකව ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක් ගෙවීම සඳහා රජය ගෙන ඇති තීරණයට මුදල් සැපයෙනු ඇත.
මීට අමතරව අඩු ආදායම් ලාභී පවුල් සඳහා සහනාධාර ගෙවිමේ වැඩපිලිවෙලට තවත් රුපියල් බිලියන 06ක් මෙම පරිපූරක ඇස්තමේන්තුව හරහා වෙන් කෙරෙයි.
