අද සහ හෙට නවතී.. විශේෂ නිවේදනයක්

විභාග දෙපාර්තමේන්තුවේ මාර්ගගතව සහතික පත්‍ර නිකුත් කිරීමේ සේවාව දින දෙකක් තුළ ක්‍රියාත්මක නොවන බවට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.

ඒ අනුව අද (07) සහ හෙට (08) මාර්ගගත සහතිකපත්‍ර අයදුම් කිරිමේ සේවා ක්‍රියාත්මක නොවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මාර්ගගතව සහතික පත්‍ර නිකුත් කිරීමේ සේවාවට අදාළ තොරතුරු පද්ධතියේ යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කිරීම හේතුවෙන් මෙම දින දෙක තුළ මෙම සේවාව ලබා ගත නොහැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර අධිකරණ රෙජිස්ට්‍රාර් සේවයේ III ශ්‍රේණිය සඳහා බදවා ගැනීමේ සීමිත තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත.

​අධිකරණ සේවා කොමිෂන් සභාවේ www.jsc.gov.lk වෙබ් අඩවියට පිවිස ප්‍රතිපල ලබා ගත හැකියි.

ඊට අදාල සම්මුඛ පරීක්ෂණ ලබන (14) වැනිදා කොළඹ 12, අධිකරණ සේවා කොමිෂන් සභා කාර්යාලයේදී පෙරවරු 9.00 සිට පැවැත්වේ.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel