කාවන්තිස්ස හස්තිරාජයාගේ මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.
මහාන්ත්‍රයේ ගැට ගැසීම්, ඒ ආශ්‍රිතව සිදුවූ සෙප්ටික් කම්පනය සහ ඉන් පසු සිදුවූ බහු අවයව සංකූලතා හේතුවෙන් කාවන්තිස්ස හස්තියාගේ මරණය සිදුව ඇතැයි අතුරු මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී ඇත.
කාවන්තිස්ස හස්තියා මියයෑමේ සිද්ධියට අදාළ නඩුව ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර හමුවේ ඊයේ (18) දින යළිත් කැඳවූ අවස්ථාවේදී අනාවරණය විය.
මහාචාර්ය ආර්.ආර්.එම්.කේ.කේ. විජේසුන්දර විසින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේය.
කාවන්තිස්ස හස්තියාගේ දකුණු පාදය ආශ්‍රිතව නිදන්ගත තුවාල තුනක් නිරීක්ෂණය වී ඇති බවත් ඒවා තුළ කිසිදු මූනිස්සම් හෝ උණ්ඩ කොටස් හමුවී නොමැති බව, එය නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
පශ්චාත් මරණ පරීක්ෂණය අතරතුර හස්තියාගේ දකුණු උදර සහ උරස් බිත්තියේ මූනිස්සම් තුනක් තිබී හමුවී ඇති බවත් ඒවායින් කිසිදු අභ්‍යන්තර අවයව හෝ අස්ථීන්ට හානි වී නොමැති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් අනාවරණය වී ඇතැයි, මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
