සෞදි ගුවන්තොටුපළට හූති මිසයිල ප්‍රහාර

සෞදි අරාබියේ රියාද්හි පිහිටි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ මූල්‍ය මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් කෲස් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව යේමනයේ හූති කැරලිකරුවන් සඳහන් කරයි.

සෞදි අරාබිය යේමනයේ සිවිල් ස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල කළ බව කියන ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් මෙම මෙහෙයුම සිදුකළ බව හූති හමුදා ප්‍රකාශක යහ්යා සාරියා සඳහන් කරයි.

මේ අතර ගුවන් තොටුපළ අසල ප්‍රබල පිපිරීම් සහ දුමාරය දක්නට ලැබුණු අතර සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධාන හමුදා විසින් කෲස් මිසයිල සහ ඩ්‍රෝන යානා උඩුගුවනේදී විනාශ කළ බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel