ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ චීන ජනාධිපතිවරුන් චීනයේදී එකම සාකච්ඡා මේසයකට අද (19) දින එක්වෙයි.
මේ අතර චීනයේ පැවැත්වෙන ආසියා-පැසිෆික් රාජ්‍ය නායකයින්ගේ සමුළුවකට සහභාගී වීම සඳහා පැමිණි ජපන් අග්‍රාමාත්‍ය Sanae Takaichi හට අනෙක් රාජ්‍ය නායකයින්ට සාපේක්ෂව චීනයේදී උණුසුම් පිළිගැනීමක් නොලැබුන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2019 වසරෙන් පසුව ජපන් අග්‍රාමාත්‍යවරයෙක් චීනයට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර වත්මන් ජපන් අගමැතිනියගේ පළමු චීන සංචාරයද මෙයයි.
ඔස්ට්‍රේලියා, කැනේඩියා, මෙක්සිකෝ, දකුණු කොරියාව ඇතුළු රාජ්‍ය නායකයින්ට ගුවන්තොටුපළේදී නර්තන කණ්ඩායම් සහ හමුදා තුර්යවාදන කණ්ඩායම් හිමිවු නමුත් ජපන් අගමැතිනියට එවැනි පිළිගැනිමක් ලැබී නොමැත.
පිළිගැනීමේ රාජ්‍ය භෝජන සංග්‍රහයේදී ජපන් අගමැතිනිය චීන ජනාධිපතිවරයාට අතට අත දෙමින් වචන කිහිපයක් ප්‍රකාශ කළද, ඊට චීන ජනාධිපතිවරයා ප්‍රතිචාර නොදැක්වු බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.
ජපන් අගමැතිනිය පසුගිය වසරේදී තායිවානය අයිතිය සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ඊට හේතු වන්නට ඇතැයි සැක පළ කරයි.
