ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුවට අදාළව කොළඹ ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණයේදී පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට එරෙහිව අධිචෝදනා භාරදී ඇත.
ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්ර භාරදීම මෙහිදී සිදුවිය.
අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ මන්ත්රී නාමල් රාජපක්ෂව දෙසැම්බර් මස (02) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.
මෙම නඩුව එළඹෙන දෙසැම්බර් මස (02) වනදා කැඳවීමට නියමිතය.
