රටම ආවරණය වන දැවැන්ත ප්‍රතිසංස්කරණ මෙහෙයුමක්

රටම ආවරණය වන දැවැන්ත ප්‍රතිසංස්කරණ මෙහෙයුමක් වෙනුවෙන් ආපදා ප්‍රතිසංස්කරණ හා ග්‍රාමීය මාර්ග ව්‍යාපෘති මෙහෙයුම් කාර්යාලයක් ආරම්භ කර ඇත.

දිට්වා ව්‍යසනය අපේ රටට විශාල විනාශයක් සිදුකළ අතර මාර්ග සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ත්‍රිවිධ හමුදාව, ස්වේච්ඡා සංවිධාන, වෘත්තීය සමිති සහ පොදුවේ ජනතාව දැක්වූ සාමූහික කැපවීම නිසා ඉතා කෙටි කාලයක් තුළ අත්‍යවශ්‍ය මාර්ග සම්බන්ධතා යළි යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකිවිය.

දිට්වා ව්‍යසනයෙන් හානියට පත් යටිතල පහසුකම් ස්ථිරව ප්‍රතිසංස්කරණය කිරීමත්, ඒ සමඟ රටේ ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමත් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් අද (19) දින ආරම්භ කළේය.

එහි තීරණාත්මක පියවරක් ලෙස ආපදා ප්‍රතිසංස්කරණ හා ග්‍රාමීය මාර්ග ව්‍යාපෘති මෙහෙයුම් කාර්යාලයේ සේවාවන් අද (19) දින බත්තරමුල්ල, කොස්වත්ත මගනැගුම මහමැදුර පරිශ්‍රයේදී නිල වශයෙන් අරඹයි.

මෙම විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය (PMU) යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ඒකක (PIU) හතරක් ක්‍රියාත්මක වේ.

2027 වසර තුළ,

  • දිට්වා හානි ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති 285ක්
  • ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති 756ක්
  • සමස්ත ව්‍යාපෘති 1,041ක්
  • රුපියල් බිලියන 168ක මූල්‍ය ප්‍රතිපාදන

යටතේ මෙම දැවැන්ත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

නියමිත කාලයට වැඩ අවසන් කරන, මහජන මුදල් වගකීමෙන් භාවිත කරන, ගුණාත්මකභාවයෙන් ඉහළ සහ දිගුකාලීනව පවතින සංවර්ධනයක් අවශ්‍ය වේ.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel