සද්ධාරතන අත්අඩංගුවට ගන්න වරෙන්තු

රාජාංගණයේ සද්ධාරතන නැමැත්තා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (25) වරෙන්තු නිකුත් කර ඇත.

ඔහුට එරෙහිව ඇති නඩුවක් සඳහා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ බව කියන ප්‍රකාශ මගින් ආගමික සංහිඳියාවට බාධා කළ බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව ඔහුට එරෙහිව මෙම නඩුව විභාග වෙමින් පවතී.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel