ඉල්ලා අස්වූ Nvidia ප්‍රධානියා යළිත් ඉහළ පුටුවට

“Nvidia” සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය නැවතත් ජෙන්සන් හුවාං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO), සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර ඇත.

මෙම පත්කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව “Nvidia” සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

විවාහයෙන් පිටත සබඳතා කිහිපයක් සම්බන්ධයෙන් වාර්තා පළවීමත් සමඟ ජෙන්සන් හුවාං මීට සති දෙකකට පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

මේ අතර සමාගමේ මෙම නිවේදනයත් සමඟ “Nvidia” සමාගමේ කොටස් මිල 30%කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

අමෙරිකානු කොටස් වෙළෙඳපොළ එදින ඉහළ යාමක් වාර්තා කර ඇති අතර තාක්ෂණික සමාගම්වල කොටස් නියෝජනය කරන Nasdaq දර්ශකය වෙළෙඳපොළ ආරම්භයේදී 6.7%කින් ඉහළ ගොස් ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel