අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය විසින් නව තීරුබදු ප්‍රතිපත්තියක් නිවේදනය කර ඇත.
ඒ අනුව ලොව ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් 14 දෙනෙකු ඉලක්ක කරගනිමින් නව තීරුබදු ප්‍රතිපත්තියක් නිවේදනය කර ඇත.
චීනය, ඉන්දියාව සහ යුරෝපා සංගමය ඇතුළු රටවල් රැසකට මෙම නව බදු සංශෝධන බලපාන අතර එය ලබන 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නව තීරුබදු යටතේ චීනයට වැඩිම බදු අනුපාතයකට මුහුණ දීමට සිදුව ඇති අතර බොහෝ චීන භාණ්ඩ සඳහා යෝජිත 20%ක නව තීරුබද්දත් සමග ඇතැම් භාණ්ඩ සඳහා වන මුළු බදු අනුපාතය 40% දක්වා ඉහළ යනු ඇත.
ආසියානු රටවල් කිහිපයක් වන, වියට්නාමයට 20%ක බද්දක්, කාම්බෝජය, ඉන්දුනීසියාව සහ මැලේසියාව සඳහා 18%ක බද්දක්, ඉන්දියාව සඳහා 17%ක තීරුබද්දක් යෝජනා වී ඇත.
යුරෝපීය සංගමය, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු අනෙකුත් ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් සඳහා 15%ක තීරුබදු අනුපාතයක් අය කිරීමට තීරණය කර ඇත.
තවද, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තායිවානය සහ බංග්ලාදේශය යන රට වලට මෙම නව බදු ප්‍රතිපත්තිය බලපානු ඇති බව සඳහන් කරයි.
දැනට පවතින සාකච්ඡා මාර්ගයෙන් යම් එකඟතාවකට පැමිණීමට හැකි වුවහොත් පමණක් මෙම යෝජිත බදු අනුපාතයන්හි වෙනසක් සිදුවිය හැකි බව ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කර ඇත.
