මම අමරණීය මිනිසෙක්.. මගේ ඇගට අත තියපු අයට වෙන දේ බලාගමු

අපේ කටවල් වහන්න මාංචු කුට්ටම් ශක්තිමත් මදි බවත් මාරාන්තික උපවාසයකට භික්ෂූන් වහන්සේලාට පහර දී සිදු කරගත් දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාකය අනිවාර්යෙන් තව දින කීපයකින් ලැබෙන බව බලංගොඩ කස්සප හිමි සඳහන් කරයි.

හෙල්මට් බලකායක් පැමිණ භික්ෂූන් වහන්සේලාට සහ කාන්තාවන්ට පහර දුන් බවත් භික්ෂූන්ට පහරදී අත්අඩංගුවට ගැනීම හේතුවෙන් කඨින පින්කම සහ කඨින චීවරය අහිමි වීමේ පාප කර්මයට වත්මන් ආණ්ඩුව ඇතුළු පිරිස කොටස්කාරයන් වන බවද බලංගොඩ කස්සප හිමි සඳහන් කරයි.

අධිකරණයේ ස්වාධීනත්වය පිළිගන්නා බවත් එම සිද්ධියට අදාළ සැලසුම් සහ පසුබිම පිළිබඳ සාක්ෂි සුදුසු අවස්ථාවේදී ඉදිරිපත් කරන බවද බලංගොඩ කස්සප හිමි සඳහන් කරයි.

තමන් රුවන්වැලි මහා සෑයට ජීවිතය පූජා කර ඇති බවත් එනිසා තමන් දැන් අමරණීය මිනිසෙක් බැවින්, කිසිදු බියකින් තොරව සටන ඉදිරියට ගෙන යන බවද බලංගොඩ කස්සප හිමි සඳහන් කරයි.

අධිකරණය මඟින් ඇප මත මුදා හැරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලංගොඩ කස්සප සඳහන් කළේ,

“අපි රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට ජීවිතය පූජා කරලා තියෙන්නේ. අපිට එතනින් එහා කියන්න දෙයක් නෑ. ජීවිතය පූජා කරා කියන්නේ අපි දැන් අමරණීය මිනිස්සූ. ආපහු අපිව මරන්න, ගහන්න, කොටන්න, හිංසා කරන්න හැකි අය නෙවෙයි.”

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel