ප්‍රසිද්ධ දේශපාලඥයෙකුට බන්ධනාගාරයේ සිට කෝල් 68ක්.. රහස් කතා පැය ගණනක්

විදේශගතව සැගවී සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 70 දෙනෙකු රතු සහ නිල් වරෙන්තු මත මෙරටට ගෙන්වා ගැනීමට පොලිසිය සමත්ව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සඳහන් කරයි.

එම අපරාධකරුවන් සිදුකළ පාපොච්චාරණ වලදී බන්ධනාගාර සිරමැදිරියක සිටින පාතාල සාමාජිකයෙකුට එක්තරා දේශපාලන පක්ෂයක පුද්ගලයෙක් 68 වතාවක් දුරකථනයෙන් කතා කර ඇති බවට අනාවරණය වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සඳහන් කරයි.

අපරාධකරුවන් සිදුකළ පාපොච්චාරණ හේතුවෙන් ඇතැම් පුද්ගලයින් කළබල වී ඇති බවත් එම පාපොච්චාරණය ඇතුලේ දේශපාලන පක්ෂවල පුද්ගලයින්ගේ නම් අනාවරණය වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සඳහන් කරයි.

සංවිධානාත්මක අපරාධ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වර්ධනය වී ඇති පසුබිමක රටේ අවශ්‍යතාව පරිදි සංවිධානාත්මක අපරාධ පනතක් ගෙන ඒමට සිදුව ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සඳහන් කරයි.

පාර්ලිමේන්තු අයවැය විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මේ බව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel