සෞදි තෙල් පිරිපහදුවකට හූති ප්‍රහාරයක්.. සිවිල් වැසියන් අනතුරේ

සෞදි අරාබියේ ජසාන්හි පිහිටි අරම්කෝ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට යේමනයේ හූති කැරලිකරුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යේමන දේශසීමාව ආසන්නයේ පිහිටි ජසාන් තෙල් පිරිපහදුව දිනකට බොරතෙල් බැරල් 400,000ක් පිරිපහදු කිරීමේ ධාරිතාවයකින් යුක්ත වේ.

ප්‍රහාරයෙන් අනතුරුව හූති කැරලිකරුවන් විසින් භාවිත කළ බවට පැවසෙන බැලස්ටික් මිසයිල එල්ල කිරීමේ මධ්‍යස්ථානයක් යේමනයේ හොදෙයිදා වරාය නගරයේදී විනාශ කළ බව සෞදි ආරක්ෂක අංශ සඳහන් කරයි.

සිවිල් වැසියන් සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් දැඩි හමුදා ප්‍රතිචාරයක් දක්වන බවට සෞදි අරාබිය අනතුරු අඟවා ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel