දූෂණ චෝදනාවක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පෞද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
අනතුරුව මන්ත්රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පෞද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි දෙසැම්බර් මස (11) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කර ඇත.
එහිදී විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නියෝගය ප්රකාශයට පත් කරමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියම කළේය.
