LIVE
අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පසුගිය (24) දින රාත්‍රියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් (II) පොලිස් අධිකාරීවරයා යටතේ ආරම්භ කළ විමර්ශනය තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.
එම විමර්ශනයට අනුව සැකකරු අත්අඩංගුවට ගත් නිලධාරීන් කණ්ඩායම භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයා පසුගිය (25) වන දින වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කළේය.
ඒ අනුව අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකුද ඊයේ (26) දින වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇත.
මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පසුගියදා සඳහන් කළේ, එම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී දිවයාමට උත්සහ දරා ඇති බවත් අනතුරුව දිව යාමට නොහැකිව ඇද වැටී රුධිර වහනය වු බවයි.
