LIVE
මහ නගර සභා සේවිකාවක් තම කාර්යාලය තුළදී දූෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අක්කරෙයිපත්තුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති අතාවුල්ලා අහමඩ් සකී අත්අඩංගුවට ගත්තේය.
අත්අඩංගුවට ගත් හිටපු නගරාධිපති අතාවුල්ලා අහමඩ් සකී අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
2021 වසරේදී මහ නගර සභා සේවිකාවක් තම කාර්යාලය තුළදී දූෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කළ අතාවුල්ලා අහමඩ් සකී හිටපු අමාත්‍යවරයෙකු ඒ එල් එම් අතාවුල්ලාගේ පුත්‍රයායි.
අදාළ කාන්තාව පසුගිය ජූලි මාසයේ සිය දිවි හානි කර ගැනීමට තැත් කළ අවස්ථාවේදී රෝහල් ගත කිරීමෙන් අනතුරව පොලිසියට කළ පැමිණිල්ලක් මගින් එම සිද්ධිය අණාවරණ වී ඇත.
32 හැවිරිදි අදාළ කාන්තාව පොලිසියට පවසා ඇත්තේ තමන් දූෂණය කළ සැකකරු ඉන් පසුව අවස්ථා කිහිපයකදිම බිය වද්දා දූෂණය කළ බවයි.
