Advertisements
Advertisements

දැනගැනීමේ අයිතිය.. රිවස් ගැසට් එක.. රජයේ තීරණය

LIVE

2026 ජූලි (24) දිනැති ගැසට් පත්‍රයේ පළකරන ලද පනත් කෙටුම්පතේ, වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනයා විසින් භාවිත කළ හැකි ආකාරය සීමා කිරීමට යෝජනා කර ඇති කොටස මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් අදාළ නොවන පරිදි වෙනස් කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

එම දූෂණ විරෝධී පනතට අනුව මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනතාවට පරිශීලනය කිරීමට ඉඩ ලබාදෙන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (06) දින පාර්ලිමේන්තතුවේදී සඳහන් කරයි.

ජනාධිපතිවරයා, අගමැතිවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අනෙකුත් තේරී පත්වූ මහජන නියෝජිතයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමෙන් පසුව ඒවා පරීක්ෂා කිරීමට, මාධ්‍යවල පළ කිරීමට, සංසන්දනය කිරීමට සහ අදාළ බලධාරීන් වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට මහජනතාවට දැනට පවතින අවකාශය ආරක්ෂා වන පරිදි පනත් කෙටුම්පත වෙනස් කිරීමට නියමිතය.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත අපේ රට තුළ විශාල වෙනසක් ඇති කළ පනතක්.එම පනතේ 86 සහ 88 වගන්ති අනුව තිබුණු ආකාරය තමයි අපේ රටේ ඉහළ නිලධාරීන් දේශපාලන නායකත්වය මේ සියලු දෙනාම තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල තමන්ගේ තොරතුරු ඇතුළත් කරන්න ඕනි කියන එක.

ඒ අනුව එම පනතට අනුව ආසන්න වශයෙන් පුද්ගලයින් 300ක් පමණ ජනාධිපතිගේ සිට පහළට මේ තොරතුරු වත්කම් බැරකම් ප්‍රකාශවල සියල්ල ලබාදිය යුතුව තිබුණා. ඒක දිය යුතුව තිබුණේ මුද්‍රිතව. ඉන් පසුව එය සංශෝධනය කලා මෙය ලබාදීමේ ක්‍රමවේදය ඔන්ලයින් ලබා දෙන්න.”  

1 Comment
Most Voted
Newest Oldest