බිහිසුණු බස් අනතුරක්

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ මී ඔය පාලම ආසන්නයේදී ඊයේ (16) රාත්‍රියේ කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරක් සිදුව ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇති අතර එම අනතුරෙන් තුවාල ලැබූ කාන්තාවන් 7ක්, දැරියක් හා පිරිමි පුද්ගලයින් සිවුදෙනෙකු සුළු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇත.

බස් රථයේ රියැදුරු හා කොන්දොස්තරවරයාද තුවාලකරුවන් අතර සිටින බව පොලීසිය සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest