විදුලි බිල වැඩි කිරීම අපටත් අමාරුයි.. ඒත් හෙට ඡන්දයක් තිබ්බත් අපි දිනනවා.!

විදුලි බිල යළිත් වැඩි කිරීම ජනතාවට මේ මොහොතේ දරා ගැනීමට ඉතා අපහසු බවත් එය ජනතාවට වගේම අපටත් අමාරු බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

එළඹෙන මැතිවරණයට මුහුණ දීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවත් එම මැතිවරණය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බවද හිටපු අගමැතිවරයා සදහන් කරයි.

හිටපු අගමැතිවරයා මේ බව සදහන් කළේ, රැජිනි සෙල්වනායගම්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවට පැමිණී අවස්ථාවේදීයි.

විදුලි බිල සම්බන්ධයෙන් හිටපු අගමැතිවරයා සදහන් කළේ,

“ඒක නම් ජනතාවට බොහෝම අමාරුයි.. ජනතාවට විතරක් නෙමේ අපිටත් බොහෝම අමාරුවෙන් ඉන්නේ.. ඇත්ත වශයෙන්ම ගෲප් එකේදී එක ගැන කතා කරන්න ඕනේ.”

මැතිවරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සදහන් කළේ,

“මැතිවරණයට අපි ඕනේ වේලාවක සුදානම්.. හෙට තියන්න.. හෙට අපි සුදානම්.. ජයග්‍රහණය කරනවා අනිවාර්යෙන්.”

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close