ශ්‍රී ලංකන් ගුවන් ගමන් රැසක් නවතී

ශ්‍රී ලංකා ගුවන් සමාගම විසින් මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇත.

ඒ අනුව සෞදි අරාබියේ දම්මාම් සහ රියාද් දක්වා ක්‍රියාත්මක සියලු ගුවන් ගමන් අත්හිටුවීම ඔක්තෝබර් (24) වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම ගුවන් සේවය සඳහන් කළේ, මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තම ප්‍රමුඛතම කාර්යය වන බවයි.

0 Comments
Most Voted
Newest Oldest