මීගමුව බන්ධනාගාර ගැටුමේ අවසන් තීන්දුව

පසුගිය ජුලි මස මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වු තිස් දෙදෙනා සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ නියෝගය ලබන (23) වැනිදා නිකුත් කරන බව මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා (15) දින නිවේදනය කළේය.

මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේදී මියගිය සියලුම පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ අවසන් බවත් සියලුම වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී වැඩබලන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, ප්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය නිවාඩු ලබා ඇති බැවින් මරණ පරීක්ෂණ සම්බන්ධයෙන් නියෝගය ලබන (23) වැනිදා නිකුත් කරන බවයි.

මේ වනවිට සැකකරුවන් 106 දෙනකු නම් කර ඇති බවත් ඉන් 81ක් පිරිමි පුද්ගලයන් සහ 25ක් කාන්තාවන් බවද නිලධාරීහු සඳහන් කළ අතර සැකකරුවන් 106ක් හඳුනා ගැනීමේ පෙරට්ටුව වෙත ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් කරයි.

මේ දක්වා සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු රස පරීක්ෂණ වාර්තාවක් තවමත් ලැබී නොමැති බවත් ගිනිඅවි සම්බන්ධයෙන් ලේ සාම්පල හා DNA වාර්තා කිසිවක් ලැබී නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් 106 දෙනාම ඔක්තෝබර් (23) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් පෙරට්ටුවට ඉදිරිපත් නොකරන අනෙක් සැකකරුවන් වස්ඇප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

0 Comments
Most Voted
Newest Oldest