නාගොඩ පොලිස් වසමේ දෙහිගොඩවත්ත ප්රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇති බවට නාගොඩ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
එලෙස මියගොස් ඇති පුද්ගලයා අවුරුදු 54 ක් වූ මාපලගම ප්රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කරයි.
මරණකරු මිතුරන් දෙදෙනෙකු සමඟ මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මිතුරන් දෙදෙනා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත.
අවුරුදු 48 හා 59 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර නාගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
